Skip to main content

මගේ ප්‍රවේශ යතුර ක්‍රියා නොකරන්නේ නම් කුමක් කළ යුතු ද?

ඔබට දෝෂ පණිවිඩය ලැබෙන්නේ නම්: “ඔබේ ප්‍රවේශ යතුර වලංගු නොවන බව පෙනේ. මෙය නැවත සිදුවුවහොත්, ඔබේ සේවා කළමනාකරු අමතන්න.” ගැටලුව දෝෂාවේක්ෂ කිරීමට පහත පියවර අනුගමනය කරන්න:

  1. ඔබ ස්වයංක්‍රීයව පසුරු පුවරුවට පිටපත් නොකළ හැකි “ss://” යන පළමු අනුලකුණු පහ ඇතුළුව සම්පූර්ණ ප්‍රවේශ යතුර ඇතුළු කරන බව සහතික කර ගන්න. සම්පූර්ණ ප්‍රවේශ යතුරක් පෙනෙන ආකාරය පිළිබඳ උදාහරණයක් මෙන්න (නියැදියක් පමණි; ක්‍රියා නොකරනු ඇත):
ss://[email protected]:39485/?outline=1
  1. ඔබේ ප්‍රවේශ යතුර කිසිසේත් ඔබේ පසුරු පුවරුවට පිටපත් නොකරන්නේ නම්, මෙය ඔබේ පණිවිඩකරණ යෙදුම හෝ වේදිකාව නිසා විය හැක. ඔබේ සම්බන්ධතා ලැයිස්තුවේ නොමැති කෙනෙකුගෙන් ඔබට පණිවිඩයක් ලැබුණු විට මෙය බොහෝ විට සිදු විය හැක. ඔබ පණිවිඩයකින් කේතය පිටපත් කරන්නේ නම්, යවන්නා ඔබේ සම්බන්ධතා වෙත එක් කර ඇති බව සහතික කර, පසුව නැවත සබැඳියට ප්‍රවේශ වීමට උත්සාහ කරන්න.
  2. ඔබ පියවර 1 සහ 2 සම්පූර්ණ කර තවමත් දෝෂ පණිවිඩය ලබා ගන්නේ නම්, සේවාදායකය බොහෝ විට අවහිර වී තිබිය හැක නැතහොත් ප්‍රවේශ යතුර තවදුරටත් වලංගු නොවේ. ඔබ සේවා කළමනාකරු නම්, ඔබ වෙනුවෙන් නව යතුරක් උත්පාදනය කිරීමට උත්සාහ කරන්න. එසේ නොමැතිනම්, නව යතුරක් සඳහා ඔබේ සේවා කළමනාකරු අමතන්න.